
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අද විශේෂ සෝදිසියකට ලක්කර තිබේ.
ඒ කාශ්මීරයේ පහල්ගම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් යානය තුළ සිටින බවට මතුවූ සැකකයක් හේතුවෙනි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉන්දියාවෙන් මෙම අනතුරු ඇඟවීම ලැබුණු බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ගුවන් යානය පැමිණීමත් සමඟ පරීක්ෂා කිරීමට කටයුතු කළ බවයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය පැවසුවේ, UL 122 දරන ගුවන් යානය පෙරවරු 11:59 ට කටුනායක වෙත ළඟා වූ ගුවන් යානය එලෙස පරික්ෂාවට ලක්කළ බවයි.
චෙන්නායි ප්‍රදේශ පාලන මධ්‍යස්ථානය විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ, යානයේ සිටි බවට විශ්වාස කෙරෙන සැකකරුවකු සම්බන්ධයෙන්ය.
පරීක්ෂණයෙන් පසු යානය නිෂ්කාශනය කළ බව ගුවන් සමාගම තහවුරු කළ නමුත් ආරක්ෂක ක්‍රියාපටිපාටි හේතුවෙන් පසුව සිංගප්පූරුව බලා යෑමට නියමිතව තිබූ UL 308 ගුවන් යානය ප්‍රමාද වී ඇති බව සඳහන් කළේය.
“ශ්‍රීලංකන් ගුවන් සේවය සියළුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන අතර ඉහළම ආරක්‍ෂිත ප්‍රමිතීන් පවත්වාගෙන යෑමට කැපවී සිටී” යනුවෙන් එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart