
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සම පැහැපත් කරන ක්‍රීම් වර්ගයක් සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනයකට ලක්ව සිටින නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලිගේ නමට ලියාපදිංචි කරන ලද BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක නවතා තිබියදී හමුවී තිබෙන බව ජනමාධ්‍ය වාර්තා කර ඇත.
රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුත් කුෂ් හා කොකේන් මත් ද්‍රව්‍ය තොගයක් පසුගිය දිනක ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට චෝදනා එල්ල වී තිබිණි.
අදාළ සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරුවකු බව පැවසේ.
අත්අඩංගුවට ගත් එම කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල පිහිටි දෙමහල් නිවසේ ගරාජයේ තිබී පියුමි හංසමාලි නමට ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී මෝටර් රථය හමු වී ඇත.
මෙම සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා කලක පටන් පොලිසිය මගහරිමින් සැඟව සිටි බව පොලිසිය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු මීට පෙර නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටි සමයේ අදාළ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සොයාගෙන තිබිණි.
මෙම සිදුවීමත් සමග ඔහු එම නිවස අත්හැර නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart