
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නානුඔය, එඩින්බරෝ වතුයායේ නිවසක සිටි සුරතල් සුනඛයකුට කෲර ලෙස සැලකූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකු සැප්තැම්බර් 10 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනි ප්‍රබුද්ධිකා වෙත සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණි.
ඔහු සුනඛයාට පොල්ලකින් පහර දී පොළොවේ ගසා ඇළකට විසි කළ බවට චෝදනා එල්ල වේ.
කෙසේවෙතත්, බල්ලා ඉවුරට පිහිනා පලා ගොස් ඇත.
එඩින්බරෝ වතුයායේ පදිංචිකරුවකු වන මෝහන සුන්දරම් ලක්ෂාන් (17) නැමැත්තා තම නිවසේ සිටි බළලෙකු සපා කා තුවාල සිදු කිරීම නිසා ඊට පලිගැනීමක් ලෙස සුනඛයා පොළොවේ ගසා ඇළට විසි කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
සුනඛයාගේ හිමිකරු අසල්වැසි නිවසක ජීවත් වන කාන්තාවකි.
සිද්ධිය දුටු තවත් තරුණයෙක් සිද්ධිය වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.
අහම්බෙන් එය නැරඹු කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබේ.
පැමිණිලිකරු සහ සැකකරු සම්මුතියකට පැමිණ තුවාල ලැබූ සුනඛයාට ප්‍රතිකාර ලබා දීමට සැකකරු එකඟ වී තිබේ.
කෙසේවෙතත් සිද්ධිය සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් පසු පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.
මේ අතර, සත්ව සුභසාධන සංගමය පොලිසියෙන් ඉල්ලා සිටියේ සතෙකුට කෲරත්වය එල්ල කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසයි.
සත්ව සුභසාධන සංගමයේ විධායක සාමාජික ගිහාන් දිනුෂ්ක පැවසුවේ, සංගමයේ සාමාජිකයකු සුනඛයාගේ තත්ත්වය සොයා බැලීමට පැමිණිලිකරුගේ නිවසට ගිය බවයි.
නානුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.සී. ජානක පැවසුවේ සිද්ධිය රූගත කර සමාජ මාධ්‍යවලට මුදා හැරිය පුද්ගලයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart