
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සූක්ෂ්ම උපකරණයක් භාවිත කරමින් පික් පොකට් ගැසීමේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත.
දුම්රියවල ගමන් කරන සැක කටයුතු පුද්ගලයන් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු අතේ දබර ඇඟිල්ලේ නූලකින් රඳවාගෙන සිටි සූක්ෂ්ම උපකරණයද සොයාගෙන ඇති අතර, එහි විවිධ වර්ගයේ තියුණු තල තුනක් සවිකර තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
එම උපකරණය භාවිත කරමින් සැක නොසිතෙන ආකාරයට මුදල් පසුම්බි, කාන්තා අත් බෑග් සහ ගමන් මලුවල තිබූ මුදල් ඇතුළු වටිනා දෑ සොරකම් කර ඇති බව ඔහුගේ ප්‍රකාශවලින් හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart