
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
19 හැවිරිදි සෑම් කොන්ස්ටාස් තවමත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පුවතක් බවට පත්ව සිටී.
පසුගිය ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුර ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්දීය ක්‍රීඩකයන් ඔහුව ඉලක්ක කර ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කිරීම සහ ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයන් නිසාය.
දැන් සෑම් කොන්ස්ටාස් නැවත මාතෘකාවක් බවට පත්ව ඇත්තේ, ඔහුගේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කරන රසිකයෙක්ගේ වාහනයක් අනතුරට පත්වීම හේතුවෙනි.
ඊට අදාළ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වේ.
‘හෙරල්ඩ් සන් ස්පෝර්ට්’ විසින් නිකුත් කරන ලද වීඩියෝවේ දැක්වෙන්නේ, රසිකයා තම වාහනයෙන් බැස 19 හැවිරිදි තරුණයා දෙසට දිව යන ආකාරයයි.
එහෙත් රසිකයා වාහනය නවතා යන්නේ හෑන්ඩ්බ්‍රේක් නොදමාය.
ඔහු කොන්ස්ටාස් වෙත දිවයන අතරතුර වාහනය සෙමින් ඉදිරියට ඇදීගොස් ඉදිරියෙන් නවතා ඇති වාහනයේ ගැටෙයි.
හිමිකරු මෝටර් රථය දෙසට දිව ගිය නමුත් ඔහුට එය නවතා ගැනීමට නොහැකි වෙයි.
අවසානයේ රසිකයාට සිදුවන්නේ කොන්ස්ටාස් සමග ඡායාරුපය ලබාගැනීම වෙනුවට හිසේ අත ගසාගැනීමටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart