
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා ගැසට් කළ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, තරුණ පෙරමුණේ උප සභාපති රෙහාන් ජයවික්‍රම සහ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් යන අය විසිනි.
මෙම පනත් කෙටුම්පත හරහා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත්, එය පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවත් පෙත්සම්කරුවෝ ප්‍රකාශ කර සිටිති.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු අතර මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවීම, ශ්‍රී ලංකාව තුළ විවිධ අසත්‍ය ප්‍රකාශ මාර්ගගත සන්නිවේදනය හරහා තහනම් කිරීමට ප්‍රතිපාදන සකස් කිරීම, තහනම් අරමුණු සඳහා සබැඳි ගිණුම් සහ අසත්‍ය සබැඳි ගිණුම් භාවිතය වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ තහනම් අරමුණු සඳහා මාර්ගගත සන්නිවේදනය භාවිත කරන ස්ථාන හඳුනා ගැනීමට ප්‍රතිපාදන සකස් කිරීම සහ අසත්‍යය ප්‍රකාශවල මූල්‍යකරණය සහ සන්නිවේදනයේ වෙනත් සහාය මර්දනය කිරීම ආදිය ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart