
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොරලැස්ගමුව, පොලිස් වසමේ දිවුල්පිටිය, සූරියමල් මාවතේ ඇවිදින මංතීරුවට යාබද වැවේ තිබී කිඹුල් ප්රහාරයකට ලක්ව මියගොස් ඇතැයි සැලකිය හැකි පුද්ගල මළසිරුරක් අද (23) උදෑසන හමුවූ බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ,කටුබැද්ද ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 55 ක් වන කුමාර් ප්රනාන්දු නමැත්තෙකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
මෘතදේහය හමුවනවිට දකුණු අත සහ දකුණු කකුල ඇතුළුව සිරුරේ භාගයක් පමණ නොතිබූ බව පොලීසිය සඳහන් කරයි.
මොහු පසුගිය 21 වැනිදින මාලු ඇල්ලීම සඳහා බැහැරව ගිය බවත් නැවත නිවසට නොපැමිණි බවත්, නිවැසියන් පොලීසියට පවසා ඇත.
ඒ අනුව මෙම පුද්ගලයා මාලු අල්ලමින් සිටියදී කිඹුල් ප්රහාරයකට ලක්වන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
බොරලැස්ගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart