July 10, 2025

හෝමාගම පොලිසිය අද උදෑසන කටුවන මාර්ගයේ පඳුරු සහිත කැලෑවක දමා ගොස් තිබූ ගෙළ සිරකර මරාදැමූ පිරිමි මළසිරුරක් සොයාගෙන ඇත.

ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට පැමිණ මෙම පිරිමි මළසිරුරක් සොයාගෙන තිබේ.

මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ වින්දිතයාගේ හිසට මොට ආයුධයකින් පහර දී ගෙළ සිරකර ඇති බවයි.

මියගිය පුද්ගලයා කොටහේන ජින්තුපිටියේ පදිංචි 31 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

දේහය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.