May 17, 2023

සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රකාශ කෙරෙන ආකාරයට කිසිදු ණයක් කපා හැර නොමැති බව මහජන බැංකුව පවසයි.

මේ සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රකාශයක් නිකුත් කර ඇත.

“මහජන බැංකුවේ අක්‍රීය ණය කපා හැරීම් පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම්වල හුවමාරු වූ මෑතකාලීන අදහස් සම්බන්ධයෙනි. එවැනි ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කිරීමට බැංකුවේ කළමනාකාරිත්වය මෙයින් අපේක්ෂා කරයි. මෙලෙස කියවෙන ආකාරයට ණය කිසිවක් කපා හැර නැත.” යැයි එම නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත්, 2017 වසරට සාපේක්ෂව මහජන බැංකුවේ අක්‍රීය ණය (NPLs) 2020 දී 45.94% දක්වා ඉහළ ගොස් ඇති බව(2017-2021 කාලය තුළ) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) පසුගියදා අනාවරණය කළේය.

එසේම මහජන බැංකුවේ පාඩු ලැබීමට බලපා ඇති ණය පැහැරහැරි ප්‍රධානම ව්‍යාපාරිකයන්ගේ නම් හෙළිකිරීමටද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පියවර ගත්තේය.