
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයට රුපියල් කෝටි 03ක ආදායම් අහිමි කිරීමක් සිදුව ඇතැයි කියන අක්‍රමවත් ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ අයිස් යන්ත්රාගාරය සහ ශීතාගාරය පවත්වාගෙන යෑම සහ නව අයිස් යන්ත්රාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩරය 2019 පෙබරවාරි 01 වැනිදා සිට දස10 වසරක කාලයකට පෞද්ගලික සමාගමක් ලබාගෙන ඇත.
ඒ, මාසිකව රුපියල් 835,000ක ලංසුවකටය.
මෙම සමාගම 2019 සැප්තැම්බර් 10 වැනිදා ධීවර අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකුට ලිපියක් යවමින් ටෙන්ඩරය මිළදී ගත් ලංසු මුදල ගෙවීමට නොහැකි බව දන්වමින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.
අයිස් යන්ත්රාගාරය ඉදිකිරිම සහ පවත්වාගෙන යෑම අසීරු කටයුත්තක් බැවින්, මාසිකව රුපියල් ලක්ෂ 02ක ලංසුවකට වසර 05ක කාලයක් සදහා මෙය පවත්වාගෙන යෑමට අවසර ලබාදෙන ලෙසත්, තම සමාගමට මසකට අයිස් කියුබ් ටොන් 25ක් පමණ අලෙවි කිරීමට හැකි තත්ත්වයක් පැවතිහොත්, දස10 වසරක ගිවිසුම් කාලයට යටත්ව, මාසිකව රුපියල් 635,000ක ලංසු මුදලක් ගෙවන බවත්, මාසිකව අයිස් ටොන් 10ක් අලෙවි වන්නේ නම් රුපියල් ලක්ෂ 04ක මාසික කුලියක් ලබාදීමටත් එම සමාගම යෝජනා කර තිබේ.
ඒ අනුව, ධීවර අමාත්‍යංශය මෙම සමාගමට මාසිකව රුපියල් ලක්ෂ 02ක ලංසුවකට යටත්ව වසර 05ක කාලයක් සදහා මෙය පවත්වාගෙන යෑමට අවසර දී ඇත.
ඒ අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකුගේද සහාය මතය.
එහෙත් මෙය ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිභාහිරව සිදුකර ඇති අනීතික ක්‍රියාවක් බවට ධීවර අමාත්‍යංශයට චෝදනා රැසක් එල්ල වී තිබේ.
මාසිකව රුපියල් 835,000ක ලංසුවකට ටෙන්ඩරය මිලදීගත් සමාගම මාස 7ක කාලයක් ලංසු ලෙස රුපියල් 5,845,000ක ගෙවීමක් සිදුකර තිබේ.
2019 ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා මෙම සමාගම ගෙවිය යුතු ලංසු වාරික ගන්න 48කි.
ටෙන්ඩර් ක්‍රියාවලියට අනුව රුපියල් 835,000 බැගින් එම වාරික ගෙවා ඇත්නම් රජයට හිමිවිය යුතු ආදායම රුපියල් හාරකෝටි අසූදහසකි.
මෙහිදී එම සමාගම රුපියල් ලක්ෂ 02ක ලංසුවක් මාස 48ක් පුරාම ගෙවීමෙන් රජයට අහිමි වී ඇති ආදායම රුපියල් තුන්කෝටි හාරලක්ෂ අසුදහසකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart