
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට වයඹ වෙරළ තීරයේ කල්පිටියට ඔබ්බෙන් වූ දූපත් 16 ක ජලාශ්‍රිත හෝටල්(water villas) ඉදිකිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාවේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇත.
“මේ ‘විලාස්’ සංවර්ධනය සඳහා අපට යෝජනා ලැබී තිබුණා. නමුත් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය නැති නිසා අපිට අනුමත කරන්න බැරි වුණා. අපි ඒක දැන් තහවුරු කරගෙන තියෙනවා” යැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම ප්‍රකාශ කරයි.
ඒ අනුව දූපත් 16 ක හෝටල් ඉදිකිරීමට සහ සංචාරක හා විවේක කටයුතු සඳහා තවත් ස්ථාන 15 ක් සංවර්ධනය කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනාව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අනුමත කර ඇත.
2021 දී Sun Resort Investment Lanka Pvt Ltd නම් සමාගම විසින් කල්පිටියේ දැනටමත් බදු දී ඇති දූපත් තුනක ජලාශ්‍රිත හෝටල් ඉදිකිරීමේ ලංසුව දිනාගත්තේය.
ජලාශ්‍රිත හෝටල් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් දූපත් 12ක් තෝරාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart