
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පිකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ එළි දැක්වීම අද (22) සිදුකෙරිණි.
මහරගම තරුණ සේවා සභා ශ්රවණාගරයේදී උත්සවාකාරයෙන් එය සිදුවිය.
ජනතාවගේ සාමූහික ප්රයත්නයකින් රට ගොඩනගන කුසලතාව භාවිත කරන ප්රායෝගික වැඩපිළිවෙළක් මත පදනම්ව රටට, ආර්ථික රාජ්ය තාන්ත්රිකමෙන්ම ප්රජාතාන්ත්රික නිදහසත් ජාතික සමගිය ඒකාග්රතාව ලබාදීමත් අරමුණු කරගනිමින් ජනරජ පෙරමුණ පිහිටුවන බව මන්ත්රී පාඨලී චම්පික රණවක සිය නව දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
‘Hope M’ නම් වූ පංචවිධ වටිනාකම්, අවංක බව විවෘත බව ප්රයෝගිකත්වය සහකම්පනය සහ කුසලතාවාදය, ආර්ථික සමෘද්ධිය, තිරසර සංවර්ධනය ස්ථාවර ප්රජාතන්ත්රවාදී රාජ්ය,සමාජ සාධාරණත්වය ,සමමිතුරු විදේශ ප්රතිපත්තිය නම් වූ පංචවිධ ප්රතිපත්ති මත පදනම්ව එක්සත් ජනරජ පෙරමුණ ක්රියා කිරීමට බලාපොරොත්තු වන බවද අදාළ නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart