
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුහුණු කතරගම මහා දේවාලයට අයත් වාසනා හස්තියාගේ දකුණු දළයෙන් කොටසක් කැඩීගොස් ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් හස්තියා භාරව කටයුතු කරන ප්‍රධාන ඇත්ගොව්වා වන අජිත් අශෝක ලියනගේ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුවත් කර ඇතැයි වාර්තා වේ.
මද සමය එළැඹීම හේතුවෙන් මේ වන විට වාසනා වෙනම ස්ථානයක රඳවා තබා කෑම බීම හා ඖෂධ ලබාදීම සිදුකරනු ලබන අතර ඇතා ගාල්කර ඇති ස්ථානයේ තිබී පසුගිය දිනෙක අලුයම හස්තියාගේ දකුණු දළයේ කැඩීගිය කොටස සොයාගෙන ඇත.
කැඩීගිය කොටසේ දිග ප්‍රමාණය අඟල් දාහතරහමාරක් පමණ වන බව හස්තියාගේ ප්‍රධාන ඇත්ගොව්වා පවසා තිබේ.
කැඩීගිය එම දළ කොටස මේ වන විට කතරගම දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලය වෙත භාරදී ති බව වාර්තා වේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැලෑබද ප්‍රදේශයක අතරමංව සිට සොයා ගත් වාසනා හස්ථියා පින්නවල අලි අනාථාගාරයට රැගෙන ඒමෙන් පසු 1978 වසරේ එවකට අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර විසින් රුහුණු කතරගම මහා දේවාලයට ඇතා පූජා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart