November 9, 2025

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කළල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

එම නේවාසිකාගාරය භාර උප ශාලාධිපතිනිය විසින් කළ පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව එම කළල කොටස පශ්චාත් මතන පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත.

පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.(ලංකාදීප)