
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලා බලකරමින් මාපියෝ පිරිසක් අද විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටව ඇති බව හෙළිවීම සහ එම ප්‍රශ්න අතහැර විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමට විරෝධය පාමින් මෙම පිරිස විරෝධය දක්වා ඇත.
මේ සම්බන්ධයෙන් බලධාරීන්ට ලිඛිත පෙත්සමක් භාරදීමට දෙමාපියන් පිරිසකට විභාග දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබිණි.
පැවැති විරෝධතාව හේතුවෙන් පොලිසිය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ද කැඳවා තිබිණි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මාපියන් කියා සිටියේ විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම කාරණය සැහැල්ලුවට ගෙන ඇති බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඉරිදා පැවැත්වුණේ සිසුන් 323,879 දෙනෙකු විභාගයට පෙනී සිටීමෙනි.
කෙසේවෙතත් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු විසින් විභාගයට පෙර ප්‍රචාරය කර ඇත.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් කරන ලද පැමිණිලි අනුව විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය.
ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මණ්ඩලයේ එකඟතාව මත අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart