
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්තිය පකිස්තානයේ රැකියා ගැටලුවට තවත් පීඩනයක් එල්ල කරමින් ඇතැයි විශේෂඥයින් අනතුරු අගවා සිටියි.
ඒ අනුව ඔවුන් පවසන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ලොව විශාලතම ආර්ථිකයට අපනයන කපා හැරීමට තර්ජනයක් වන බැවින්, පකිස්ථානය තවත් රැකියා අහිමිවීමේ අපේක්ෂාවකට මුහුණ දී සිටින බවයි.
රැකියා පිළිබඳ සිදු කළ නවතම සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ පකිස්තානයේ විරැකියා අනුපාතය දශක දෙකකින් ඉහළම මට්ටමට ළඟා වී ඇති බවයි.
එමඟින් ප්‍රධාන අපනයන අංශ තවදුරටත් රැකියා අහිමිවීම්වලට හේතුවී ඇති බව ද අනාවරණ වී තිබේ.
පසුගිය සතියේ නිකුත් කරන ලද පකිස්ථානයේ ශ්‍රම බලකා සමීක්ෂණය වාර්තාවකින් අනාවරණ වූයේ එරට රැකියා විරහිත අනුපාතය 7.1% ක් වන බවයි.
සමීක්ෂණයෙන් පෙන්නුම් කරන්නේ රටේ මුළු ශ්‍රම බලකාය මිලියන 83.1 ක් වූ අතර ඉන් මිලියන 5.9 ක් රැකියා විරහිතයන් බවයි.
රැකියා විරහිතයින්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි පිරිසක් උගත් අය වන අතර, උපාධිධාරීන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ද ඊට ඇතුළත් ය.
ඇමරිකා එක්සත් ජනපදයේ ශාන්ත ඔලාෆ් විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය නාෆේ සර්දාර් පැවසුවේ විරැකියාව වැඩිවීමට ප්‍රධාන හේතුව ආයෝජනවල අඛණ්ඩ පහත වැටීමක් බවයි.
එය ආර්ථිකයට ඵලදායී රැකියා නිර්මාණය කිරීමේ හැකියාව සීමා කරන බවත් ඔහු පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart