
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාල ජාල, විදුලි සංදේශ පද්ධති සහ ඩිජිටල් ගෙවීම් ක්රමවේද අවභාවිත කරමින් සිදුවන සයිබර් මූල්ය වංචා හේතුවෙන් පාකිස්තානය දැඩි තර්ජනයකට මුහුණ දී සිටින අතර, එමඟින් සිදු වන අලාභය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5ක් තරම් ඉහළ අගයක් ගන්නා බව හෙළි වී තිබේ.
ජාත්යන්තර මූල්ය අරමුදල සහ ලෝක බැංකු සමූහය විසින් තායිලන්ත මහ බැංකුවේ ද සහයෝගීතාවයෙන් නිකුත් කරන ලද “Bangkok Blueprint in Action” වාර්තාවේ මේ බව සඳහන් වේ.
මෙම උසස් මට්ටමේ මාර්ගෝපදේශ සැකිල්ල සකස් කර ඇත්තේ ඩිජිටල් මූල්ය සේවාවලට එල්ල වන සයිබර් මූල්ය වංචා වැළැක්වීම, හඳුනා ගැනීම සහ ඒවාට පිළියම් යෙදීම සඳහා රටවලට සහාය වීමේ අරමුණිනි.
පාකිස්තානයට සිදුවන මෙම ආර්ථික අලාභය, ගෝලීය වශයෙන් වාර්තා වන මූල්ය වංචා අලාභයන්හි සාමාන්ය අගය වන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.45ක මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා අතර, එය එරට ඩිජිටල් ආර්ථිකය හමුවේ ඇති බරපතල අභියෝගය පෙන්නුම් කරයි.
ගෝලීය වශයෙන් වැඩිම මූල්ය වංචා අලාභයන් සිදුවන්නේ ආසියානු කලාපයේ බවත්, එහි ප්රමුඛතාව පාකිස්තානයට හිමිවන බවත් එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම වාර්තාව සඳහා හොංකොං, මැලේසියාව, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල ක්රියාත්මක මූල්ය වංචා විරෝධී පියවරයන්ගෙන් ලබාගත් අත්දැකීම් උපයෝගී කරගෙන ඇත. එලෙසම, වඩ වඩාත් සංකීර්ණ වන මෙවැනි මූල්ය වංචාවලට එරෙහිව සටන් කිරීම සඳහා සම්බන්ධීකරණය කරන ලද බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, කඩිනම් මැදිහත්වීම් සහ ප්රබල පාරිභෝගික ආරක්ෂණ පියවරයන් හඳුන්වාදීම ප්රධාන විසඳුම් ලෙස එමඟින් පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart