July 28, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු පත්කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පී.ඒ.ජී. ප්‍රනාන්දු වෙත භාර දුන්නේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී.ඒ.ජී. ප්‍රනාන්දු, මෙම පත්කිරීමට පෙර, බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළාය.