
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමිල්නාඩුවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ තිරුප්පුලනි පොලිසිය විසින් පෙරියපට්ටිනම් මුහුදු වෙරළ ආසන්නයේ පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන වාහනයක සඟවා තිබූ වේදනා නාශක කරල් ලක්ෂ 11.88ක් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඒවා නීතිවිරෝධී ලෙස යාත්‍රාවකින් ශ්‍රී ලංකාවට රැගෙන යෑමට නියමිතව තිබූ බව ද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ලද තොරතුරකට අනුව පසුගිය දින දෙක තුළ එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීම් දැඩිකළ බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මුරපොලවල්වලට අනතුරු අඟවා තිබූ අතර ඊයේ රාත්‍රී 11.45 ට පමණ සිදු කරන ලද වාහන පරීක්ෂාවකදී එම පෙති තොගය සොයාගෙන තිබේ.
රථයේ රියදුරු පළාගොස් ඇතැයි වාර්තා වේ.
රථය පොලිස් භාරයට ගෙන තිබේ
සිද්ධිය සම්බන්ධයෙන් තිරුප්පුලනි අසල නම්බියන් වළසායි හි ශ්‍රීධර් ලෙස 20 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.
මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ සැකකරුවන් දෙදෙනා පෙරියපට්නම් ප්‍රදේශයේදී වෙනත් පුද්ගලයෙකුට මෙම වේදනා නාශක කරල් තොගය ලබාදීමට සැලසුම් කර තිබූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart