
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකකෙරෙන විදේශිකයන් 1,093 දෙනෙකු මෙම වසරේ මේ දක්වා සිදුකරන ලද වැටලීම් 24කදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව තිබේ.
‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (13) පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් මේ බව අනාවරණය කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබාදුන් දත්තයන්ට අනුව, විදේශිකයන් මෙරට සයිබර් ජාවාරම්වලට සම්බන්ධ වීමේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ.
ඒ අනුව 2024 වසරේදී සිදුකළ වැටලීම් 26කදී විදේශිකයන් 573 දෙනෙකු සහ 2025 වසරේදී සිදුවීම් 02කදී විදේශිකයන් 26 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත්, පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ (2026) අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති අතර, වැටලීම් 24කදී පමණක් විදේශික සැකකරුවන් 1,093 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද විදේශිකයන් සියලුදෙනා නැවත ඔවුන්ගේ මව් රටවල් වෙත පිටුවහල් කිරීම සඳහා වන නීතිමය කටයුතු මේ වන විට සක්‍රියව ක්‍රියාත්මක වන බවද සහකාර පොලිස් අධිකාරී වූට්ලර් වැඩිදුරටත් පැවසීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart