
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රී ලංකාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.13ක් ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශය මගින් චෙන්නායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 506.5ක් බව පැවසේ.
ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශය මගින් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සිදුකළ මෙහෙයුමේදී පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරංචි මාර්ග පවසයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබුණු බව හෙළිවී ඇත.
චෙන්නායි නගරයට කිලෝමීටර් 50ක් දකුණින් පිහිටි පෝතේරි ප්‍රදේශයේදී ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශය මගින් අත්අඩංගුවට ගන්නා විට එය ගොඩබිම් මාර්ගය හරහා ප්‍රවාහනය කරමින් තිබිණි.
පුද්ගලයින් තිදෙනෙකු චෙන්නායි සිට ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයට ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට නිශ්චිත බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශය චෙන්නායි කලාප ඒකකයේ නිලධාරීන් පොතේරි අසලදී වාහනයක් අත්අඩංගුවට ගත් අතර එහි පසුපස අසුන යට විශේෂයෙන් සාදන ලද කුහරයක තිබී මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 10.13ක් අඩංගු පැකට් 10ක් සොයා ගන්නා ලදී.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන්ගේ ස්ථාන තවදුරටත් සෝදිසි කිරීම් පසු එම ජාවාරමේ මහ මොළකරු, මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයකු සහ මැදිහත්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය රුපියල් මිලියන 13ක මුදලක් සහ සැකකරුවන් භාවිත කළ වාහන තුනක් ද අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart