
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි නියුතුව සිටී කොස්තාපල්වරයාට පහරදීම සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අද අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි අඹුසැම් යුවලක් බව පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවතී නඩුවකට පෙනීසිටීමට සිය බිරිඳ සමග පැමිණ ඇති අතර, ඔහු උචිත නොවන ඇඳුමකින් සැරසී ඇති බවට ප්‍රධාන දොරටුවේ සිටි කොස්තාපල්වරයා දැනුම් දීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ කතාබහකින් අනතුරුව පහරදීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
පහරකෑමට ලක් වූ කොස්තාපල්වරයා කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සැකකාර යුවල ඇප මත මුදාහැර ඇති බවත් සදහන් වේ.
කළුතර මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart