
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ සමහර සාමාජිකයින් චීනයේ සහභාගීත්වයෙන් තොරව ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවකට එළඹීමට සූදානම් බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය ප්‍රකාශ කරයි.
එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය දෙන්නන්ගේ කණ්ඩායම ලබන මාසයේ මොරොක්කෝවේ මරකේෂ් හි පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු රැස්වීම් අතරතුර ශ්‍රී ලංකාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවද Bloomberg පවසයි.
පසුගිය වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් 10% ක් පමණ රඳවාගෙන සිටි චීනය එම කණ්ඩායමේ කොටසක් නොවන අතර ශ්‍රී ලංකාව සමග වෙනම ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි.
මරකේෂ් රැස්වීමට පෙර, චීනය හැර ප්‍රධාන ණය හිමියන් ගිවිසුමට අදාළ කෙටුම්පත් දළ සටහන සකස් කර ශ්‍රී ලංකාවේ කැමැත්ත ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බව Bloomberg අනාවරණය කරයි.
විශාලතම ණය හිමියන්ගෙන් අයකු වන පැරිස් සමාජයේ නිලධාරියෙකු Bloomberg සමග පවසා ඇත්තේ, ගිවිසුම සඳහා කාල රාමුවක් තහවුරු කළ නොහැකි බවයි.
“සියලුම ණයහිමියන් අප සමඟ ධනාත්මකව කටයුතු කරමින් සිටිනවා,” යැයි ශ්‍රී ලංකාවේ මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.
Bloomberg සඳහන් කරන ආකාරයට, අනෙකුත් ණය හිමියන් චීනය වෙනුවෙන් තවදුරටත් බලාසිටින්නේද, නැතහොත් මෙම පියවර චීනයට ශ්‍රී ලංකාවට උපකාර කිරීමට බලපෑම් කිරීමේ උපක්රමයක්ද යන්න අපැහැදිලි ය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය කවගත යුතු ද්විපාර්ශ්වික ණය තොගය වන ඩොලර් බිලියන 14න් බිලියන 07කට වඩා, එනම් 52%ක කොටසක් අයත් වන්නේ චිනයටය.
එහෙත් එම ණය වෙනුවෙන් ප්‍රමාණවත් සහනයක් ලබාදීමට චීනය මෙතෙක් එකඟත්වය පළකර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart