
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදෙස්ගතව සිට මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන බව කියන මන්නා රමේෂ්ගේ ගෝලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
‘බුචා’ යන අන්වර්ථ නමින් හැඳින්වෙන මෙම සැකකරු සතුව තිබී කඩුවක්, හෙරොයින් ග්රෑම් 05යි මිලි ග්‍රෑම් 280 ක්, ජාවාරම් කළ මුදල් බවට සැකකෙරෙන රුපියල් 220,680ක් සොයාගත් බව පොලිසිය කාර්ය බලකාය පවසයි.
අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව නගරයේ සිදු වු වෙඩි තැබීම මෙහෙයවනු ලැබු පාතාල සාමාජිකයෙකු වන රමේෂ් නොහොත් මන්නා රමේෂ් නමැති පුද්ගලයාගේ ළගම සමීපතමයෙකු බවට හා මීට කලකට පෙර අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් හට බලහත්කාරයෙන් නීති විරෝධී දුම්වැටි අලෙවි කරනු ලැබු පුද්ගලයෙකු බවටත්, මොහු මයික්‍රො වර්ගයේ පිස්තෝල අවියක් සන්තකයේ තබා ගෙන සිටියදී 2020 වර්ෂයේ සැප්තැම්බර් මස විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයකු බවටත් කරුණු තහවුරු කර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart