
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇතුලු කාන්තාවන් තිදෙනෙකුගේ රුධිර සාම්පල් ඩි.එන්.ඒ පරික්ෂණයක් සඳහා ලබන 27 රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කරයි.
2022 ජුලි මස 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ කලහාකරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින දමිතා අබේරත්න ඇතුලු කාන්තාවන් තිදෙනෙකුට පූර්වගාමී විනිසුරුවරයා විසින් කළ නියෝග ප්‍රකාරව එම පිරිස අධිකරණයේ පෙනීසිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී හමුවූ සනීපාරක්ෂක තුවා හය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා එම සැකකාරියන්ට රුධිර සාම්පල් ලබාදීමට නියෝග කරන ලෙස කොළඹ උතුර අපරාධ කොට්ඨාස අධිකරණයෙන් කළ ඉල්ලිමක් අනුව එම නියෝගය නිකුත් කළේය.
පෙර දිනයක එම නියෝගය කළ අවස්ථාවේදී දමිතා අබේරත්න වෙනත් නඩුවක බන්ධනාගාරගතව සිටි බවද අපරාධ කොට්ටාස නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
එලෙස රුධිර සාම්පල් ලබාදීමට නියෝග කෙරුණේ දමිතා අබේරත්න , සචිනි කෞශල්‍යා, නෝනා මුරින් යන කාන්තාවන් තිදෙනාටය.
එම නඩුවේ 17 වන සැකකරු ද ඇප මත මුදාහැර ඇති අතර එවකට කොස්වත්තේ මහනාම හිමි වශයෙන් සිටි එම තැනැත්තා මේ වන විට සිවුරු හැර ඇති බැවින් ඔහුගේ ගිහි නම වන ගිහාන් දුමින්ද අමරසිරි යන නමට වෙනත් නඩුවක් ගොනුකිරීමට අවසර දෙන ලෙසද අපරාධ කොට්ටාස නිලධාරීහු ඉල්ලා සිටියහ.
මෙම නඩුවේ අනෙක් සැකකරුවන් වන දුමින්ද නාගමුව, ජොසප් ස්ටාර්ලින්, රැට්ටා, වසන්ත මුදලිගේ, දමිතා අබේරත්න, ජීවන්ත පීරිස් ඇතුලු සැකකරුවන් 41 දෙනෙකුට අධිකරණයේ පෙනීසිටි අතර හයවැනි සැකකරු පෙනීනොසිටි බැවින් ඔහුට වරෙන්තු නිකුත් කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් සඳහා නඩුව නැවත දෙසැම්බර් 13 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart