
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විප්ලවයකින් බලයෙන් පහකිරීමෙන් පසු ඉකුත් අගෝස්තු මාසයේදී ඉන්දියාවට පළාගිය බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගන්නා ලෙස බංගලාදේශ අධිකරණයක් නියෝග කර තිබේ.
බංග්ලාදේශයේ අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක මොහොමඩ් තාජුල් ඉස්ලාම් පැවසුවේ, හිටපු අගමැතිනි ෂීක් හසීනා අත්අඩංගුවට ගෙන නොවැම්බර් 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි.
හසීනාගේ 15 වසරක පාලනය තුළ ඇගේ දේශපාලන විරුද්ධවාදීන් සමූහ වශයෙන් රඳවා තබාගැනීම සහ නීතිවිරෝධී ඝාතන ඇතුළු පුලුල්ව පැතිරුණු මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී ඇත.
77 හැවිරිදි ෂෙයික් හසීනා බංග්ලාදේශයෙන් පළාගිය දා සිට ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු අතර, ඇය සිටින ස්ථානය බවට අවසන් වරට වාර්තා පළවුණේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ආසන්න හමුදා ගුවන් කඳවුරකයි.
ඇය ඉන්දියාවේ සිටීම බංග්ලාදේශය කෝපයට පත්කර ඇත.
බංග්ලාදේශය ෂෙයික් හසීනාගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර ඇති අතර, අපරාධ නඩු විභාගයට නැවත මුහුණදීමට ඇයට අවසර දෙන ද්විපාර්ශ්වික පිටුවහල් කිරීමේ ගිවිසුමක් රටවල් සතුව ඇත.
කෙසේවෙතත්, ගිවිසුමේ වගන්තියක් පවතින්නේ ‘දේශපාලන ස්වභාවයක්’ නම් පිටුවහල් කිරීම ප්‍රතික්ෂේප කළ හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart