
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් උපදෙස් ලබාදී ඇත.
ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයවී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට රාජ්‍ය ඇමැතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි.
අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රතිචාර දක්වමින් කඩිනම් අපදා වැළැක්වීමේ පියවර ගන්නා ලෙසත්, කඩාවැටීමේ අවදානමක් ඇති මාර්ග දෙපස ගස් ඉවත් කරන ලෙසත් අදාළ නිලධාරීන් හට මෙලෙස උපදෙස් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart