
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ව්‍යවසාය විකිණීමට හෝ පෞද්ගලිකකරණය කිරීමට විරුද්ධ බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත්, එවැනි රාජ්‍ය ව්‍යවසායන් විසින් භුක්ති විඳින ඒකාධිකාරය තරඟකාරී වෙළඳපල ක්‍රමයක් තුළ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක විය යුතු බව එම පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
නුදුරේදීම පැවැත්වෙන මැතිවරණයකින් බලයට පැමිණි වහාම ක්‍රියාත්මක කරන ජනතාවගේ සුබසිද්ධිය සඳහා වන ව්‍යාපෘති රැසක් සිය පක්ෂය සතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
කිසිදු ජනවරමක් හෝ නිසි සැලසුමක් නොමැති වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ටේ ජනතාව මහත් උනන්දුවෙන් බලා සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart