
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්පාර මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේ දී මියගොස් සිටියදී හමුවී ඇති බව අම්පාර පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
මෙම වෛද්‍යවරයා නියමිත පරිදි ඔහු සේවය කරන වාට්ටවුට නොපැමිණීම නිසා වාට්ටුවේ සිටි අය ඔහුගේ දුරකතනයට ඇමතුම් කිහිපයක් ගෙන තිබේ.
එයට ප්‍රතිචාර නොමැති නිසා හෙඳ නිලධාරිනියක් විසින් රෝහල් සේවකයකු ඔහු නැවතී සිටි පොද්ගලික නිවසට යවා තිබේ.
ඔහු එම නිවසට ගොස් කතා කළත් වෛද්‍යවරයාගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසා නැවත රෝහලට පැමිණ පොලිසියට දන්වා නිවසේ අයිතිකරුටද දන්වා නැවත නිවසට ගොස් ජනේලය හැර පරීක්ෂා කරන විට වෛද්‍යවරයා ඇඳ මත නිදාගෙන සිටිනු දැක ගැනීමට හැකිව තිබේ.
මෙම පිරිස වෛද්‍යවරයාට කතා කළත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසා පසුව ඉදිරිපස දොර හැර අම්පාර මහ රෝහලේ ගිලන් රථයකින් රෝහල වෙත ගෙන ගොස් තිබේ.
රෝහල වෙත ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බවට අම්පාර මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ කුරුණැගල ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න බණ්ඩාර රත්නායක නමැති වෛද්‍යවරයෙකි.
දැනට මෙම මරණය පිළිබඳව මරණ පරීක්ෂණයක් කිරීමට ඇති නිසා පවුලේ ඥාතීන් පැමිණෙන තෙක් දේහය අම්පාර මහ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart