
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වන බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව පසුගියදා අනාවරණය කළේය.
ජනනය කරන ප්‍රමාණයෙන් සියයට 32 ක් පමණක් පරිසරයට එකතු වන බවත්, ඉන් එකතු කරන ප්ලාස්ටික් වලින් සියයට 04 ක් පමණක් යාන්ත්‍රිකව ප්‍රතිචක්‍රීකරණය කරන බවත් කමිටුව අනාවරණය කළේය.
ඉතිරි ප්ලාස්ටික් ප්‍රමාණය රාජ්‍ය ආයතන විසින් එකතු කළද, ඒවා අවිධිමත් ලෙස පරිසරයට බැහැර කරන බවද කමිටුව හමුවට පැමිණි නිලධාරීහු පෙන්වාදුන්හ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
කිසිදු රෙගුලාසියකින් තොරව ද්විතීයික ප්ලාස්ටික් ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට අවසර දී ඇති බවත් එම නිසා ඉදිරියේදී එම කර්මාන්තයේ අවශ්‍යතා අනුව පමණක් බලපත්‍ර නිකුත් කරන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවද මෙහිදී අනාවරණය විය.
ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 04ක් ආනයනය කරන අතර, ‘අපද්‍රව්‍ය ප්ලාස්ටික්’ මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට ද අවසර දී ඇති බවද නිලධාරීහු අනාවරණය කළහ.
පසුගිය වසරේ අපද්‍රව්‍ය ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට අනුමැතිය හිමිව තිබුණද ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා ආනයනය කර ඇත්තේ අපද්‍රව්‍ය ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 5,179ක් පමණක් බවද මෙහිදී හෙළිවිය.
එබැවින් කර්මාන්තයේ අවශ්‍යතාවය සළකා බලා ඒ අනුව අවසර ලබාදෙන ලෙසත්, ගෙන්වන ප්ලාස්ටික් නිශ්චිත වසර 05ක කාලයක් තුළ එකතු කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කමිටු සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart