
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර මහ මැතිවරණයේ අපේක්ෂකයන් 8,888 අතරින් ක්‍රියාකාරීව ප්‍රචාරක කටයුතුවල නිරත වන්නේ 1,000කට වඩා අඩු සංඛ්‍යාවක් වන බව පෙන්නුම් කරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය හෙවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අනාවරණය කළේය.
ප්‍රාදේශීය පක්ෂ කාර්යාල 600,000කින් 9,291ක් පමණක් ක්‍රියාත්මක වන බව ද පෙනීගොස් ඇත.
මෙම ප්‍රවණතාවට හේතු වී ඇත්තේ සාම්ප්‍රදායික පක්ෂ ව්‍යුහයන් කෙරෙහි මහජන කලකිරීම වර්ධනය වීම සහ දේශපාලන පක්ෂපාතිත්වයේ ප්‍රතිලාභ අඩුවීම බව හෙට්ටිආරච්චි සඳහන් කරයි.
සම්පත් අවභාවිතය සහ පොදු දේපළ උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා පැවතිය ද ඒවා තීරණාත්මක මට්ටම්වල නොමැති බව පැෆ්රල් සංවිධානය කියයි.
ප්‍රචණ්ඩ සිදුවීම් 25ක් ලේඛනගත කර ඇතත් ඒවායින් එකක්වත් ප්‍රබල ඒවා නොවන බව ද වආර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart