
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ දිනවල වෙළෙඳපොළ තුළ බී ළූණු මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට හේතු වී ඇත්තේ ඉන්දියාව ඇතුළු මෙරට ට බී ළූණු සපයන බොහෝ රටවල් එකවරම සැපැයීම නවතා දැමීම නිසා බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න ‘දිවයින පුවත්පත’ට පවසා ඇත.
ඉන්දියාව මෙරට බී ළූණු අවශ්‍යතාවයෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් සපයන අතර, ඊට අමතරව තුර්කිය, ඉරානය හා ඊජිප්තුව යන රටවල් ද සැලකිය යුතු ප්‍රමාණයක් සපයයි.
පසුගිය දිනවල ඉන්දියාවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එරට බී ළූණු අපනයනය නවතා දැමීමට තීරණය කිරීමත් සමග සෙසු රටවල් තුන ද බී ළූණු සැපයීම නවතා දැමීමට කටයුතු කර ඇත.
ඒ අනුව, මෙරට බී ළූණු අවශ්‍යතාවයෙන් සියයට 80ක් පමණ සැපයීම එකවරම නැවතුණු අතර, පාකිස්ථානය පමණක් බී ළූණු සැපයීම අඛණ්ඩව සිදුකළත් මේ වනවිට ඔවුන් ද බී ළූණු අපනයනය කිරීමේදී විවිධ කොන්දේසි පනවමින් සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පාකිස්ථානය බී ළූණු සැපයීමේදී අධික මිලක් නියම කිරීමට අමතරව විශාල අත්තිකාරම් මුදලක් ඉල්ලා සිටීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරියේදී පාකිස්ථානයෙන් බී ළූණු ගෙන්වීම නතර කර දැමීමට සිදුවිය හැකි බවත්, එසේ සිදුවුවහොත් මෙරට බී ළූණු වෙළෙඳපොළ විශාල අර්බුදයකට ලක්විය හැකි බවත්, ඔහු සඳහන් කරයි.
මේ වනවිට මෙරට බී ළූණු වගාවේ අස්වැන්න නෙළීමද සිදුනොවන නිසා දේශීය බී ළූණු මෙරට වෙළෙඳපොළට නොපැමිණෙන බව ව්‍යාපාරිකයෝ පවසති.
මේ දිනවල බී ළූණු කිලෝවක තොග මිල රුපියල් 400-450 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙළෙඳපොළේ සිල්ලර මිල රුපියල් 500කට ආසන්න වී ඇත.
එමෙන්ම බී ළූණු මිල මෙතරම් ඉහළ අගයකට ගිය පළමු අවස්ථාව මෙය බව පාරිභෝගිකයෝ පවසති.
රජය මැදිහත් වී මෙම අර්බුදය විසඳීමට කටයුතු නොකළහොත් ඉදිරි උත්සව සමයේ විශාල අර්බුදයකට ලක්විය හැකි බව ජනතාව කියති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart