Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව වෙත මෙතෙක් ඉදිරිපත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයකු පමණක් බව වාර්තා වේ.
අදාළ වියදම් පිළිබඳ තොරතුරු මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත ලබාදිය යුතු වේ.
ඒ අනුව සැප්තැම්බර් 30 වන විට ගෙවී ගිය දින 9 ඇතුළත එම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ ඇස් කණ්ණාඩිය ලකුණින් තරග කළ ස්වාධීන අපේක්ෂක එම්. ප්‍රේමසිරි මානගේ පමණි.
අලුතින් සම්මත කරන ලද 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ මැතිවරණ ප්‍රචාරක මුදල් පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළයුතු වේ.
මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළුව වෙනත් කිසිදු අපේක්ෂකයකු මැතිවරණයේ තම ආදායම් හෝ වියදම් මෙතෙක් ප්‍රකාශකර නොමැති බවයි.
2023 ජනවාරි මස සම්මත කරන ලද සහ 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී පළමු වරට ක්‍රියාත්මක වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියට අනුව නීතිමය ක්‍රියාමාර්ග වළක්වා ගැනීම සඳහා අපේක්ෂකයකු හෝ ඔහු හෝ ඇය නියෝජනය කරන පක්ෂය මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත තම ප්‍රචාරක මුදල් ප්‍රකාශ කළ යුතු වේ.
සැප්තැම්බර් 21 ජනාධිපතිවරණ දිනයේ සිට, සෑම අපේක්ෂකයකුම ඔක්තෝබර් 12 වැනි දිනට පෙර තම ප්‍රචාරක මුදල් ප්‍රකාශ කළ යුතු බවත් එසේ නොමත්නම් පොලිසිය සහ නීතිපතිවරයා හරහා නීතිමය පියවර ගැනීමට හැකි බවත් මැතිවරණ කොමිසම නිවේදනය කර තිබිණි.
ඔක්තෝබර් 12 වැනිදාට පෙර තම මුදල් ප්‍රකාශ කරන ලෙස සියලුම ස්වාධීන අපේක්‍ෂකයන්ට සහ පක්‍ෂවලට කොමිසම ලිඛිත මතක් කිරීම් කිහිපයක් කර ඇති බවත් ස්වාධීන අපේක්‍ෂක මානගේගෙන් පමණක් දැනට ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් වාර්තා වේ.
මැතිවරණ කොමිසම නියම කර ඇති වියදම් සීමාවට අනුව අපේක්ෂකයකුට හෝ පක්ෂයකට ලියාපදිංචි ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැක්කේ රුපියල් 109ක් වන ලෙස මුළු රුපියල් බිලියන 1.8ක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart