
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ(26) රාත්‍රියේ ආරම්භ විය.
ඒ ප්‍රංශයේ ‘සෙයින්’ ගංගාව දෙපසට එක් වු දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාරය මධ්‍යයේය.
වසර හතරකට වරක් පැවැත්වෙන මේ අසිරිමත් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මෙවර ඉතිහාසයේ පළමුවරට ක්‍රීඩාංගනයකින් තොරව ගංගාවක් ආශ්‍රිතව පැවැත්විණි.
‘බෙදාහදා ගැනීම සඳහා නිර්මාණය කරන ලද’ යන්න තේමා කර ගත් මෙවර ඔලිම්පික් උළෙල ආරම්භ වුණේ ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ප්‍රධානත්වයෙන් ය.
පැරිසි නගරය හරහා වැටී ඇති සෙයින් නදියේ, එක් එක් රටවලට අයත් කණ්ඩායම් බෝට්ටුවල නැග කිලෝමීටර් 6ක දුරක් ගමන් කළේය.
එහි ඉදිරියෙන් ගමන් කළේ ග්‍රීසියයි.
ප්‍රංශයේ ඉතිහාසය, ඔලිම්පික් ඉතිහාසය විවිධ අවස්ථා නිරූපණය වන අයුරින් එක් කළ විචිත්‍රාංග රැසකින් සමාරම්භ උළෙල වර්ණවත් විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවෝ 6 දෙනෙක් ඔලිම්පික් සදහා සුදුසුකම් ලබාගත් අතර ඔවුන් ශ්‍රී ලංකා ධජය රැගෙන සෙයින් නදිය දිගේ ඉදිරියට ගමන් කළහ.
ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් විසින් 2024 පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භය නිළ වශයෙන් ප්‍රකාශ පත්කළේ ය.
ඉන් අනතුරුව ඔලිම්පික් ගිනිසිළුව හිටපු පාපන්දු ක්‍රීඩක මෙන්ම වර්තමාන රියාඩ් මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණූකරු සිනෙඩීන් සිඩෑන්ට ලබාදුන්නේ ය.
සුපිරි ස්පාඤ්ඤ ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ඉන් අනතුරුව ඔලිම්පික් ගිනිසිළුව ලබාගත් අතර අවසානයේ ඔලිම්පික් පහන දැල්වූයේ ප්‍රංශ ජූඩෝ ක්‍රීඩිකා ටෙඩී රයිනර් සහ ඔලිම්පික් රන් පදක්කම් තුනක් දිනූ කෙටිදුර ධාවන ශූරී මාරි ජෝස් පෙරෙක් ය.
විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවුවත් විචිත්‍රවත් සමාරම්භ උත්සවය එළෙසින් නිමාව සනිටුහන් කළේ ය.
සමාරම්භක උත්සවයේ නිමාව සනිටුහන් කළේ කලකට පසුව ප්‍රවීන ගායන ශිල්පිනී සිලෝන් ඩියෝන්ගේ ගායනයකින් අනතුරුවය.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart