
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තය සමග පැවති පාපන්දු කාන්තා ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤයේ ජයග්‍රහණය වෙනුවෙන් එකම ගෝලය වාර්තා කළ ඔල්ගා කාමෝනා සම්බන්ධයෙන් දුක්ඛිත පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබේ.
එනම් 23 හැවිරිදි ඔල්ගා, ඉරිදා සිඩ්නි හිදී අවසන් මහා තරගය ක්‍රීඩා කර ඇත්තේ ඇගේ පියා පසුගිය සිකුරාදා මිය ගොස් ඇති බව නොදැනය.
තරගය පිළිබඳ ඇගේ අවධානය බිඳ වැටෙන හෙයින් තරගය අවසන් වන තුරු ඒ බව ඇයට දැනුම් නොදීමට පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් තීරණය කර තිබේ.
ඔල්ගාට ඔල්වරසන් නැඟීමට ඇගේ මව සහ සහෝදරයා ද සෙනසුරාදා ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බව ස්පාඤ්ඤ ප්රවෘත්ති සේවයක් වන Relevo වාර්තා කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ පෙලුණු අසනීප තත්ත්වයන් හේතුවෙන් ඔල්ගාගේ පියා මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
ඔල්ගා තරගයේ 29 වැනි මිනිත්තුවේදී සිය රට වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ අතර නියමිත කාලය අවසානයේ 1 – 0ක් ලෙස එංගලන්තය පරාජය කළ ස්පාඤ්ඤය පළමුවරට පාපන්දු කාන්තා ලෝක ශූරතාවක් දිනා ගැනීමට සමත් විය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart