
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ පරාජයේ වාඩුව පන්දුවාර 20න් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය.
ඒ දෙරට අතර පැවති පන්දුවාර 20 තරගාවලිය 04ට 01ක් ලෙස ජයග්‍රහණය කරමිනි.
බෙංග්ලුර් හි ඊයේ පැවැති පස්වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කණ්ඩායම පන්දුවාර 20ට කඩුලු 08ක් දැවී ලකුණු 160ක් රැස්කළේය.
එහිදී ශ්‍රෙයාස් අයියර් ලකුණු 53ක් සහ අක්ෂා පටෙල් ලකුණු 31ක් රැස්කළ අතර, පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජේසන් බෙරෙන්ඩෝෆ් සහ බෙන් ඩ්වර්ෂුයිස් කඩුලු 02ක බැගින් බිඳහෙළූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවට පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 154ක් පමණි.
එහිදී ජේසන් බෙරෙන්ඩෝෆ් ලකුණු 54ක් රැස්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart