
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග වෙලින්ටහිදී අද පැවති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
තරගයේ කාසිය වාසිය ජයගත් නවසීලන්ත ණ්ඩායමේ ආරධනයෙන් පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල පිතිකරණයක නිරත වෙමින් පන්දුවාර 43යි පන්දු 04ක් අවසානයේ සියලු දැවී රැස්කළේ ලකුණු 178ක් පමණි.
එහිදි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56ක්, ජනිත් ලියනගේ ලකුණු 36ක් සහ වනිඳු හසරංග ලකුණු 35ක් රැස්කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්ද 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 180 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රාහණය කළේය.
දෙරට අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හැමිල්ටන්හිදි ලබන 08 වැනි දින මෙරට වේලාවෙන් උදැසන 6.30ට ආරම්භවීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart