
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කීර්තිමත් ගොඩනැගිල්ලක් වන නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටල් ව්‍යාපෘතියක් ලෙස ටාජ් සමුද්‍රා හෝටලයට පැවරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.
අද පැවති සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති ගුණවර්ධන කියාසිටියේ, නුවරඑළිය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ තීන්ත ආලේප කිරීමට නොහැකි, රජයට නඩත්තු කළ නොහැකි ඉතා අබලන් තත්ත්වයක පවතින බවයි.
එම අක්‍රීය හා ඌන ප්‍රයෝජනය ගත නොහැකි ගොඩනැඟිල්ල, සම්පතක් ලෙස ඵලදායී ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
නුවරඑළිය තැපැල් කාර්යාලය නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි සුවිශේෂී ගොඩනැගිල්ලකි.
Tudor Revival වාස්තු විද්‍යාත්මක ශෛලියට අනුව ඉදිකරන ලද මෙම දෙමහල් රතු ගඩොල් ගොඩනැඟිල්ල රටේ පැරණිතම තැපැල් කාර්යාලවලින් එකකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart