
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ බාප්පා විසින් ලබා දුන් බව කියන අංක මකාදමන ලද ටී පනස් හය ගිනිඅවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබළකු වන මූල්‍ය ආයතන හා සුපිරි වෙළඳසල් කිහිපයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇතැයි නුංගමුව පොලිසිය පැවසීය.
නුංගමුව පොලිස් වසමේ දෙල්ගහමැඩිල්ල ප්‍රදේශයේ පෙරේදා (26) මධ්‍යම රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු හා ගිනිඅවිය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබිණ.
විශ්‍රාමික ආබාධිත හමුදා නිලධාරියකු සතුව ගිනිඅවියක් ඇති බවට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටළීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ සේවය කරමින් සිට පාදයකට වෙඩිවැදීම හේතුවෙන් ආබාධිත සෙබළකු ලෙස 1993 වර්ෂයේදී සේවයෙන් විශ්‍රාම ලබා ඇති පුද්ගලයකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම අත්අඩංගුවට ගත් සැකකරු 51 වියැති නිට්ටඹුව, හුඹුටියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සන්තකයේ තිබී ටූල් කිට් එක රහිත අංක මකාදමන ලද T-56 ගිනි අවියක්, රියසයිට් ෆ්රෙසයිට් ටිප් එකක්, ක්ලීන් රොඩ් එකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ගිනිඅවියේ අංක නොමැති බැවින් ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට කටයුතු යොදා ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
පොලිස් අත්අඩංගුවට ගැනුණු ටී පනස් හය වර්ගයේ ගිනිඅවිය සැකකරුගේ බාප්පා කෙනකු වූ වසරකට පමණ පෙරදී මරණයට පත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ලබාදුන් එකක් බව සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව අනාවරණය කරගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.
සැකකරුට මෙම ගිනිඅවිය ඇත්ත වශයෙන්ම ලබාදුන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ද, නැතහොත් මියගිය පුද්ගලයාගේ නාමය භාවිත කරන්නේ පරීක්ෂණ කටයුතු නොමඟ යැවීම සඳහා ද යන සැකය පොලිසියට ඇතිව තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart