
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අච්චුවේලි පොලිස් බල ප්‍රදේශය තුළ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 20 දෙනකු සහ පිරිමින් 06 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
දේශීය කාන්තාවන්ගේ ඡායාරූප විදේශගත කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සඳහා බද්ධකර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නිරුවත් ඡායාරූප සම්බන්ධයෙන් පසුගියදා පොලිසියට පැමිණිල්ලක්ද ගොනුකර තිබේ.
සිදුවීමට සම්බන්ධ තරුණයකුගේ නිවසට 150කට අධික පිරිසක් පැමිණ අදාළ පුද්ගලයාට පහර දී, ඔහුගේ යතුරුපැදියට අලාභහානි කර නිවසට ගිනි තබා ඇති බව පොලිසිය පවසයි.
එහිදී එම පුද්ගලයා බේරාගැනීම සඳහා පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර, ඒ අතරතුර කිසියම් පිරිසක් පොලිස් පරීක්ෂකවරයකුට ද පහර දී ඇත.
නොසන්සුන් වූ පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇත.
එම පිරිස අසළ නිවසකට අලාභහානි සිදු කර ඇති අතර, ඒ ආසන්නයේ තිබූ කුඩා ට්‍රක් රථයකට ද ගිනි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart