
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මූල්‍ය අර්බුදයක් පවතින ශ්‍රීලන්කන් ගුවන් සේවය විකුණා දැමීමට පෙර පැවති සැලසුම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අත්හැරීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය ආණ්ඩුව මුලදී සැලසුම් කළේ, රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ඒකකය හරහා මෙම ගුවන් සේවයේ විකිණීමේ ක්‍රියාවලිය සිදුකිරීමටය.
ඉන්පසුව හිටපු ඇමැති මණ්ඩලය ප්‍රකාශ කළේ, තමන් විකිණීමේ ක්‍රියාවලිය අතහැර දමා ගුවන් සේවය සඳහා විකල්ප ආකෘතියක් දෙස බැලීමට තීරණය කළ බවයි.
කෙසේවෙතත්, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත කියාසිටියේ, සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා එහි වැදගත්කම අනුව ජාතික ගුවන් සේවය රාජ්‍යය සමඟ පැවතිය යුතු බව රජය විශ්වාස කරන බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් සමාගම විකුණාදැමීම හෝ කොටස් බෙදාහැරීම සිදුනොකරන බව ඔහු පැවසීය.
ඒ වෙනුවට එහි කළමනාකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා නව මාදිලියක් පිළිබඳ සළකා බලන බව ඔහු පැවසීය.
පෞද්ගලික ආයෝජකයකු ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස ජාතික ගුවන් සේවයට අයත් ණය කොටසක් පවරා ගැනීමට පසුගිය කැබිනට් මණ්ඩලය එකඟ විය.
ඔවුන් මුලින් තීරණය කළේ රජය සතු ගුවන් සේවයෙන් අවම වශයෙන් සියයට 51ක කොටස් විකිණීමට ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart