
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ.
එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ද්විපාර්ශ්වික මුලපිරීම් පිළිබඳ සාකච්ඡා කර ඇත.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් එම සාකච්ඡාව සම්බන්ධයෙන් මෙසේ පවසයි:
“මහ කොමසාරිස් සන්තෝෂ් ජා JVP නායකයන් සමඟ සාකච්ඡා කර #ඉන්දියාව සහ #ශ්‍රී ලංකාව අතර විවිධ ද්විපාර්ශ්වික මුල පිරීම් සහ ඉන්දියාවේ වර්ධනයන් පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.”
එම අවස්ථාවට සහභාගී වූ ජාතික ජනබලවේගයේ නියෝජිත පිරිසට සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත්, වසන්ත සමරසිංහ ඇතුළු සාමාජිකයින් ඇතුළත් විය.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පෙබරවාරි මාසයේ ඉන්දියාවට ගිය අතර එහිදී ඔහු ඉහළ පෙළේ ඉන්දීය නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ අදහස් හුවමාරු කර ගත් පසුබිමක මෙම හමුව සිදුවිය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිය සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවූ අතර ඔහු ඉන්දීය මධ්‍යස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකා ද සිදු කළේය.
ඉන්දීය රජයේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දින 05 ක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයකුට ඉන්දීය රජයෙන් නිල ආරාධනාවක් ලැබුණු පළමු අවස්ථාව එයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart