
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස කිහිපයකින් වැඩිම ඡන්ද ලබා ගත් තනි පක්ෂය බවට පත්වී ඇත්තේ ප්‍රදේශයේ සම්ප්‍රදායික දෙමළ පක්ෂ අතහැර දමමින් නව ප්‍රවේශයකට මුලපුරමිනි.
පේදුරුතුඩුව ඡන්ද කොට්ඨාසයේ ජාතික ජන බලවේගය ඡන්ද 4,467, ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 4,022, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය 2,625, දෙමළ ප්‍රතන්ත්‍රවාදී ජාතික සන්ධානය 1,980ක් සහ ඊපීඩීපී 1,345 ලබාගෙන තිබිණි.
කෝපායි හි ජාතික ජන බලවේගය ඡන්ද 9,570 , ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 4,047, දෙමළ ප්‍රතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඡන්ද 3,025 , සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඡන්ද 2,679 දිනා ගත්තේය.
චාවකච්චේරි කොට්ඨාසයේ ජාතික ජන බලවේගය ඡන්ද 4.901, ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 4,600, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඡන්ද 2,596, දෙමළ ප්‍රතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඡන්ද 2,086 සහ ඊපීඩීපී ඡන්ද 1,300 දිනා ගෙන තිබිණි.
දිසානායක ජනාධිපතිවරයා යාපනයේදී කතා කරන විට විශාල ජනකායක් ඊට සහභාගී වී තිබිණි.
“පළමුවෙන්ම අපි ජාතික සමගිය ගොඩනඟමු,” යනුවෙන් ඔහු එහිදී පැවසීය.
“උතුරත් දකුණත් යුද්ධ කළා. වසර 30ක යුද්ධයෙන් පසු ඉතිරි වුණේ කඳුළු සහ පවුලේ සාමාජිකයන් අහිමි වීම පමණයි. මතු පරපුර වෙනුවෙන් යුද්ධයෙන් තොර රටක් ගොඩනැගිය යුතුයි. මෙය මේ පරම්පරාවේ වගකීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර පවතින අවිශ්වාසය, ක්‍රෝධය ඉවත් කළ යුතුයි. ජාතික ජන බලවේගය එක්සත් ජාතියක් ගොඩනඟනු ඇත.” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart