
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කරන ලදැයි චෝදනා එල්ල වී තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඊයේ (31 වැනිදා) නොතිසි නිකුත් කළේය.
මහජන ආරක්ෂක ඇමැතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර තිබූ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව මෙම මස 06 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් මහෙසත්‍රාත්වරයා විසින් දුමින්ද නාගමුවට නොතිසි නිකුත් කෙරිණි.
දුමින්ද නාගමුව විසින් ඉකුත් අගෝස්තු 12 වැනිදා පැවැති ජනමාධ්‍ය හමුවකදී තමා ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව යුරෝපයේ මෝල්ටා දූපතේ මුදල් ආයෝජනය කර තිබෙන බවට අසත්‍ය ප්‍රකාශයක් කර තිබූ බවත්, එමගින් තමන්ට අපහාසයක් සිදුවී ඇති බවත් දන්වා සිටින මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අදාළ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart