
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණයෙන් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළත් අමෙරිකාව සෑමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් පැවැසුවාය.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන පරිදි නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට සහ කතාකිරීමට අමෙරිකානු ජනතාවට අයිතියක් තිබෙන බවත්, එම අයිතිය තමන් අකැමැති ප්‍රතිපත්ති විවේචනය කිරිමට පවා යොදාගත හැකි බවත් ජුලී පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය, එළඹෙන 4 වැනිදාට යෙදී තිබෙන අමෙරිකාවේ 248 වැනි නිදහස් දින සැමරුම කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පෙරේදා (27) උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූ අතර එහිදී අදහස් දක්වමින් අමෙරිකානු තානාපතිවරිය මෙම අදහස් පළකළාය.
මෙරට ඇමෙරිකානු තානාපති ජුලී චන්ග්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස ඇමැති හරින් ප්‍රනාන්දු සහභාගී වූයේය.
අමෙරිකාවේ 248 වැනි නිදහස් දිනය සැමරීම සඳහා මෙරට මැතිඇමතිවරු ඇතුළු අමුත්තෝ රැසක් එම උත්සවයට සහභාගී වූහ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart