
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණ නියෝගයක් හෝ මැතිවරණ කොමිෂන් සභාව වැනි අදාළ ආයතනවල උපදෙස් මත වැඩපිළිවෙලක් සකස් නොකළහොත් පවතින තත්ත්වය තුළ කිසිදු සිරකරුවකුට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අධිකරණය හමුවට ගොස් තිබුණ ද තවමත් තීන්දුවක් ලබා දී නොමැති බවයි.
“අපි තවම වැඩපිළිවෙළක් සකස් කර නැහැ. සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීම ගැන අපට සළකා බැලිය හැක්කේ අධිකරණය තීන්දුවක් ලබා දෙන්නේ නම් හෝ මැතිවරණ කොමිසමේ නියෝගයක් වැනි දෙයකින් පමණයි. මේක තාමත් සාකච්ඡා කෙරෙන දෙයක්. පවතින තත්ත්වය අනුව කිසිම සිරකරුවකුට ඡන්දය ප්‍රකාශ කරන්න බැහැ.” යනුවෙන් කොමසාරිස් ජනරාල්වරයා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart