
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කථානායකවරයට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, විපක්ෂයේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට කථානායකවරයා අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව ද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි.
විශ්වාසභංගයක් මගින් කථානායකවරයා පරාජය කිරීමට විපක්ෂයට කිසිසේත්ම නොහැකි වනු ඇතැයි ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
කථානායකවරයාගේ නියෝගය සම්බන්ධයෙන් තම විරෝධයක් නොමැති බවත්, ආණ්ඩු පක්ෂය ලෙස ඕනෑම අවස්ථාවක ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු ක්‍රමවේදයන් තුළ ගෙන එන ලෙසත්, ඊට රජයක් ලෙස සාර්ථකව මුහුණදෙන බවත් අමාත්‍ය බිමල් රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයාට පැවැසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart