
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවසන් වුණු අයවැය විවාදය අතරතුර මැති ඇමතිවරුන් සහභාගී වූ මේස පන්දු තරගාවලියක් පාර්ලිමේන්තුවේ පවත්වා ඇත.
ඊට සහභාගී වූ ජාතික ජන බලවේග මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි ජයග්‍රහණයක් ලබාගෙන ඇත.
ජයග්‍රහණයේ සතුට සිය ෆේස්බුක් පිටුව හරහා මන්ත්‍රීවරිය බෙදාගෙන ඇත්තේ පහත සටහන සහ ඡායාරුප පෙළ සමගිනි.
‘2025 අය වැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා පැවැති වාර්ෂික ක්‍රීඩා උත්සවයේ මේස පන්දු තරඟයට මා සහභාගී වූවා. එහි ශූරතාව මා දිනා ගනිද්දි අනුශූරතාව දිනා ගත්තේ චමින්ද්‍රාණී කිරිඇල්ල මන්ත්‍රීතුමිය යි.
යුගල මේස පන්දු තරගාවලියේ ශූරතාව මා එක්ක චතුරංග අබේසිංහ මන්ත්‍රීතුමා ජයග්‍රහණය කළා. ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා උත්සවය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහ ලේකම් කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා.
පාසැල් සහ විශ්වවිද්‍යාල මේසපන්දු කණ්ඩායම නියෝජනයෙන් වසර දොළහකට පමණ පසු ඉතාම සතුටුදායක, සහයෝගී, සුහදශීලි අත්දැකීමක් ලැබුවා.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart