
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටක් යහමගට ගැනීම සඳහා නීති අවශ්‍ය බවත්, එය ජනමාධ්‍යවේදීන්ට ද අවශ්‍ය බවත්, ඕනෑම වෘත්තියක නියැලී සිටින අයෙකු වරදක් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජනතාවට ඉඩක් ලැබිය යුතු බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ජනමාධ්‍ය හේතුවෙන් ද මෙරට ජනතාව පීඩාවට පත්වන බැවින් එවැනි නීති අවශ්‍ය බව අමාත්‍යවරයා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දරන මතය කුමක්දැයි ජනමාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය තුළින් එල්ල වන විරෝධතා සහ වාග් ප්‍රහාර සම්බන්ධයෙන් ද එහිදී එම ජනමාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.
මන්ත්‍රීවරුන් හෝ වෙනත් පාර්ශවයක් වුවද සිය පෞද්ගලික ජීවිතයේදී සිදු කරන දෑ සම්බන්ධයෙන් වගකීම පවතින්නේ එම පාර්ශවයන්ට බවත් සමාජ මාධ්‍ය හෝ ජනමාධ්‍යවල කාර්‍යයභාරය වන්නේ එම පෞද්ගලික දෑ සම්බන්ධයෙන් මැදිහත් නොවන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
මීට පෙර තමාට මෙන්ම සිය දියණිය සම්බන්ධයෙන් ද මීට පෙර රාජ්‍ය මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාර සිදු කළ බවත්, තමන් මෙන්ම දියණිය ද සිනහවෙන් ප්‍රතිචාර දක්වා එම චෝදනා ඉවත දැමූ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart