
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ හොරණ ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි නිවස ඊයේ (2) රාත්‍රී සොරු බිඳ ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
පැමිණි සොරුන් රුපියල් 25000ක මුදලක් රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුළු පවුලේ සාමාජිකයන් පෙරේදා (2) සවස සිට එම නිවසේ සිට නැති අතර, ඊයේ (3) පෙරවරුවේ පැමිණෙන විට නිවසේ කාමරයේ රෙදිපිලි ඇද දමා අල්මාරිය විවෘතව තබා තිබෙන අයුරු දැක විමසිලිමත් වීමේදී මුළුතැන්ගෙහි දොර සහ ජනේලයක් විවෘතව තිබෙන අයුරු වැඩිදුරටත් දැක තිබූ බව පැමිණිල්ලේ සඳහන්ය.
අල්මාරිය තුළ රෙදි පිළි අතර තිබූ මුදල් මෙලෙස රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
සොරුන් මුළුතැන්ගේ ජනේලයෙන් නිවසට ඇතුළු වී සොරකමෙන් අනතුරුව දොරෙන් පිටවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart